Latestදේශීය

ලබන බදාදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

බදාදා දින (16) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝඹුවල, පිලමිනාවත්ත යන ප්‍රදේශවලට බවයි වාර්තා වන්නේ.

අනුව දහසයවන බදාදා උදේ 8:30 සිට පසුදින එනම්, බ්‍රහස්පතින්දා උදේ 8:30 දක්වා වූ පැය 24 ක කාලය තුල ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය එම නිවේදනය හරහා ජල පාරිභෝගිකයින් දැනුවත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනය හරහා වැඩිදුරටත් දක්වා ඇත්තේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *