රාජිතව බාරගන්න සූදානම්
මෙවර ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලබාගැනීමට හැකිවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
බංකොලොත් රට මෙම අයවැය මගින් ආර්ථික වශයෙන් නිදහස් වනු ඇති බවද හෙතෙම පැවසීය.
අනාගත පරපුරටත් සුබවාදී අයවැයක් වන මෙවර අයවැය හිස් ලියවිල්ලක් නොවන බවද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිගැනීමට සූදානම් දැයි විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඕනෑම කෙනෙක් පිළිගැනීමට සූදානම් නමුත් විපක්ෂය දුර්වල නොකල යුතු බවයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

