Latestක්‍රීඩාදේශීයවිදේශීය

ශ්‍රී ලංකා 19 පහළ බාලිකාවෝ කොදෙව් දූපත් කණ්ඩායම පරාජය කරයි

ඉන්දියාවේදී සිව්කොන් විස්සයි 20 තරගාවලියකට සහභාගිවී සිටින ශ්‍රී ලංකා 19 පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අදදින බටහිර ඉන්දීය කොදෙව් 19 පහළ කණ්ඩායම හා පැවති තරගය කඩුලු හයකින් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

ලකුණු 96ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර හතරකුත් පන්දු පහක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය සටහන් කළා.

පිතිකරණයේදී හතරේ පහර අටක් සමගින් පන්දු 16 කදී ලකුණු 33ක් රැස්කිරීමට කඩුලු රකින ක්‍රීඩිකා සුමුදු නිසන්සලා සමත්වූ අතර මනුදී නානායක්කාර නොදැවී ලකුණු 22ක් ලබාගත්තා. පන්දු යැවීමේදී විහාරා සෙව්වන්දී ලකුණු 20 ට කඩුලු දෙකක් දවා ගත් අතර, සිය පන්දු වාර හතර තුලදී දෙව්මි විහංගා ලබාදුන්නේ ලකුණු 10ක් පමණයි. රශ්මි නේත්‍රාංජලී සහ විදුශිකා පෙරේරාද තම පන්දු වාර හතර තුලදී ලබාදුන්නේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *