Latestදේශීය

ගිගිරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇතිවන බවත් අද (15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *