රට ගොඩනැගිය හැකි අයවැයක් – ශාන්ත බන්ඩාර
ක්රමානුකූල සහ දීර්ග කාලීන වැඩපිළිවෙළක් ඔස්සේ රට ගොඩනැඟිය හැකි අයවැයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
77 වන අයවැය කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙවරය අයවැය සුබසාධනය මූලික කර ගත් අයවැයක් බවයි. තරුණ කටයුතු සහ අධ්‍යාපන වැනි ක්ෂේත්රයන් පිළිබඳ මෙවර අයවැයෙන් වැඩි අවධානය යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

