ලොක්කා බෙල්ලෙන් අල්ලා තල්ලු කලාට කමක් නැහැ – හිංසනයට පත් පොලිස් කාන්තාවෝ
උද්ඝෝෂකයන් මෙල්ල කිරීමට පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ඔවුන් ඉදිරියට යැවීමට තැත් කළ පානදුර (දකුණ) ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්රියා කලාපය පිළිබඳ පොලිස් නිලධාරීහු පිරිසක් පරීක්ෂණ ආරම්භ කළහ.
මේ සම්බන්ධයෙන් සිද්ධියට අදාළ පොලිස් කාන්තාවන් දෙදෙනාගෙන්ද ප්රකාශ ලබාගෙන ඇත.
එහිදී මෙම පොලිස් කාන්තාවන් පවසා ඇත්තේ මෙම ක්රියාව තමන්ට ප්රශ්නයක් නොවන බවයි.
චෝදනාවට ලක්ව සිටින ප්රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ තමා පොලිස් නිලධාරීන් රාජකාරිය සඳහා උනන්දු කළ බවයි.
කෙසේ වෙතත් මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යයි.
නෝමන් පලිහවඩන
– Divaina
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

