Latestදේශීය

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර වන සඳහා ගාස්තු ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එක් එක් අංශ යටතේ ගාස්තු ඉහළ දමා තිබෙන බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් මෙතෙක් අය කරන ලද රුපියල් 3500.00 ක ගාස්තුව රුපියල් 5000.00 දක්වා ඉහළ දමා තිබෙනවා.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 15,000.00කි. එය රුපියල් 20,000.00 දක්වා ඉහළ දමා තිබෙන බවයි එම නිවේදනය හරහා දන්වා ඇත්තේ.

2023 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙලෙස ගාස්තු සංශෝධනය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද (17) සිට මෙම සංශෝධනයන් ක්‍රියාත්මක වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *