Latestදේශීය

එම් අයි 17 නේටෝ රටවල අළුත්වැඩියා තහනම්

යුක්රේන යුද්ධය නිසා ඇමරිකාව සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රුසියානු නිෂ්පාදිත එම්. අයි. 17 ප්‍රවාහන හෙලිකොප්ටර් ජාලය අලුත්වැඩියා කිරීම අත්හිටුවමින් සම්බාධක පනවා ඇත.

රුසියානු රජය ද ඊට ප්‍රතිචාර දක්වමින් එම්. අයි. 17 හෙලිකොප්ටර් කිසිදු නේටෝ රටක අලුත්වැඩියා කිරීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

පසුගිය වසර 20 තුළ මෙම හෙලිකොප්ටර් අලුත්වැඩියා කළේ නේටෝ රටක් වූ ලිතුවේනියාවේයි.

ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ තහනම නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් රුසියාවේ අලුත්වැඩියාවට යැවීම ද නතර වී තිබේ.

මේ නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බරපතළ දුෂ්කරතාවකට පත්ව ඇත.

කීර්ති වර්ණකුලසූරිය
Divaina


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *