Latestවිදේශීය

ශ්‍රද්ධා වල්කාර්: ඉන්දීය තරුණයෙකු සිය සහකාරිය මරා දමා සිරුර කැබලි 35කට කපා වනාන්තරයක සඟවලා

තමන් සමග එකට ජීවිත් වූ සහකරු විසින් කාන්තාවක ඝාතනය කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා ඇය අතුරුදන්ව ඇති බව වාර්තා කිරීමෙන් පසු මේ සතියේ ඇයගේ ඝාතනය පිළිබඳව අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව, ඇයගේ සහකරු වූ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා නමැත්තෙකු එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර පසුව ඇයගේ සිරුර කැබලිවලට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දැමූ බව දිල්ලි පොලිසිය සඳහන් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු ඇයගේ කැබලි 35කට කපා ඇති බව ත් පසුව කොටසින් කොටස සිරුරු කොටස් බැහැර කර ඇති බව ත් ය.

එමෙන් ම, සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිසිය සැකකාර පූනවාලා ඔහු සිරුරේ කොටස් බැහැර කළ බව කියන වනාන්තරය ඇති ස්ථානයට ගෙන ගොස් ඇත.

මව්බිම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *