රසායනික ද්‍රව්‍ය හිඟ වීමෙන් රෝහල් පරීක්ෂණ ඇනහිටී
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ.
මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී.
මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවය.
මේ අතර රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් අනාවරණය කළේය.
adaderana
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

