ණය ගැන සාකච්ඡා කිරීමට චීන දූත පිරිසක් පැමිණෙයි
ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.
ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය.
චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා මූල්‍ය සහතිකයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීන සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා තිබේ.
ඒ දෙපාර්ශ්වය අතර ඊයේ (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ය.
තිදෙනෙකුගෙන් සමන්විත – චීන සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු මෙරට නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවල නිරතවිය.
මෙරට සිදුකළ හැකි අනාගත ආයෝජන, ව්‍යාපෘති සහ ලබාදිය හැකි සහාය පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබුණි.
adaderana
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

