දේශීය

අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී අවධානය යොමුව ඇත්‍තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව මේ වන විට සිදුකර ඇති විමර්ශන සහ ඔවුන් බන්ධනාගාර ගතව සිටි කාලය මෙන්ම ඔවුන් නිදහස් කිරීම සම්බන්ධව ගෙන ඇති පියවර පිළිඹඳව බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවට එක්වු අමාත්‍යංශ බලධාරීන්, මෙම පනතට අදාළව සිර දඬුවම් නියමකර සිටින සිරකරුවන් මෙන්ම නිදහස් කර ඇති සිරකරුවන් සම්බන්ධව ද අමාත්‍යවරුන් වෙත කරුණු පැහැදිලි කළ බව අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් එම සාකච්ඡාව සඳහා එක්ව සිටි බව අධිකරණ අමාත්‍යංශය පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *