Latestදේශීය

ගල්ගමුවේ අනතුරක් – මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

ගල්ගමුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා මේජර්වරයකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියපුර යුධහමුදා කඳවුරේ සේවය කරන මේජර්වරයකු සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය මගෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බවද වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *