Latestදේශීය

බැසිල් එයි, අයවැයට මැදිහත් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

ඒ මහතා ටික කලකට ඇමරිකා එක්සත් ජනපදය රැඳී සිටි අතර ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ප්‍රතිසංවිධාන කටයුතු යළි ආරම්භ කරනු ඇතැයි පැවසේ.

ඊට අමතරව අයවැය යෝජනාවලිය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කිරීම සඳහා ද ඔහු මැදිහත් වනු ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර කැබිනට් මණ්ඩලයේ ඉතිරි අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ද ඉක්මනින්ම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *