Latestදේශීය

කාබනික පොහොර සමාගමක් අසාදු ලේඛන ගත කෙරේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවී,දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල් වල ඇසුරුම් කිරීම හේතුවෙන් දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛන ගත කරන ලෙස කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල (ජල බෝතල් වැනි) ඇසුරුම් කිරීම කිරීම සපුරා තහනම් කර තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්‍යාලයට ඒ මහතා උපදෙස් දී ඇත්තේ, සමාගම වහාම අසාදු ලේඛනගත කරන ලෙසත් සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත්ය .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *