මත් පෙති විකුණූ කළුතර උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ වැටලීමක් සිදු කරමින් පාසල් දරුවන්ට මත්පෙති විකුණූ දකුණු කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම උපකාරක පන්ති ගුරුවරයා 4, 5 ,6, 7 සහ 8 යන ශ්‍රේණිවල දරුවන් සඳහා ගණිතය සහ විද්‍යාව විෂයයන් වලට අදාළ උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ.
මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කළුතර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත රැගෙන දකුණු කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන බවයි වාර්තා වන්නේ.
මොහු දෙදරු පියෙක් වන අතර කලක පටන් මෙම ජාවාරම සිදු කර ඇති බව වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

