මත් පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී චුන්නාගම් පොලිස් වසමේ මයිලන්කාඩු,අරසඩි ශ්රී නාගපූසනී කෝවිල අසලදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම පුද්ගලයින් නීති විරෝධී මත්පෙති තබාගැනීම හේතුවෙනුයි.
මොවුන් චුන්නාගම් ප්රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි තහවුරු කර ගෙන ඇත්තේ .
ඉතා දීර්ඝ කාලයක් පුරා ප්රදේශයේ පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්පෙති ජාවාරම සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම පුද්ගලයින් දෙදෙනා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

