ඩිජිටල් හැදුනුම්පත ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා – කනක හේරත්
ආරක්ෂක,මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශයන් වල වැය ශීර්ෂ පිලිබද විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
මෙහිදී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය, කනක හේරත් මහතා ප්‍රකාශ කළේ වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබා දීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.
රජයේ සේවා කාර්යක්ෂම කර ගැනීම මෙහි අරමුණ වන අතර පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය, ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ද මේ හරහා ඩිජිටල්කරණය වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.
ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවෙන මුදල රුපියල් බිලියන 12 කි.
එම මුදල් ඉන්දියානු ආධාර යටතේ සපයා ගන්නා බවයි විවාදයට එක්වෙමින් හේරත් මහතා ප්‍රකාශ කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

