දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ
දුම්රිය වේග සීමා පැනවීමට හා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය දා තීරණය කර තිබුණා.
ඒ අනුව එම කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි ඒ ඩී එස් මුණසිංහ මහතා සඳහන් කර සිටියේ.
සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.ලබන සතිය වන විට එම කටයුතු අවසන් කරමින් නව කළ කාලසටහන ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ ඒ ඩී එස් මුණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
දුම්රිය වේග සීමා අඩු කිරීමට කටයුතු කිරීමට හේතුව ලෙස ඒ මහතා සඳහන් කළේ දුම්රිය පීලි පැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගැනීමක් ලෙසයි.
මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමේ දී දුම්රියන් ප්‍රමාදවීම හේතුවෙන් සිදුවන ප්‍රමාදයට සහනයක් ලෙස නියමිත රාජකාරි වෙලාවේ සිට පැමිණීම සඳහා පැය බාගයක සහ පිටවීම සඳහා පැය කාලක සහන කාලයක් ලබා දීමට ද තීරණය කර තිබෙන බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

