ගිණි අවි සමග පස්දෙනෙක් අත්අඩංගුවට
ගිණි අවි පහක් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු වාකරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කදිරවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ත් 50ත් අතර පුද්ගලයන් පස් දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කර තිබෙනවා.
සැකකරුවන් සතුව තිබූ ගිණි අවි මෙරට නිෂ්පාදිත ඒවා බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
සැකකරුවන් සියලු දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

