Latestදේශීය

මහ බැංකුවට අත ගහන්න එපා – නන්දලාල් වීරසිංහ

රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම කාර්යය සඳහා වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවද හෙතෙම කියා සිටියි.

ෆිසිකල් තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් නැති බවද කොළඹ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේය.

රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය පාර්ලිමේන්තුවට පැවරී ඇතත් මූල්‍ය ප්‍රතිපත්තිය අදාළ තීරණ ගැනීමේ බලය ඇත්තේ මහ බැංකුවට බවද අධිපතිවරයා තවදුරටත් පැවසීය.

මේ දිනවල පැවැත්වෙන අය-වැය විවාදයේ දී ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුනට මහ බැංකුවේ භූමිකාව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

සියලුම මුදල් සම්බන්ධය පාර්ලිමේන්තුවට නොමැති බවත් පාර්ලිමේන්තුව ඇත්තේ මහජන මුදල් සම්බන්ධ බලයක් පමණක් බව ද වීරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *