Latestදේශීය

මුත්තු සිවලිංගම් මහතා‌ගේ අවසන් කටයුතු අද

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු ලෙස සහ ජේෂ්ඨ සමාජිකයෙකු ලෙස කටයුතු කල මුත්තු සිවලිංගම් මහතා අද පෙරවරුවේදී, නුවරඑළිය පිහිටි ඔහුගේ නිවස තුළදී අභාවප්‍රාප්ත වී තිබෙනවා .

ජනතා මනාපයෙන් 1994 වසරේ සිට 2010 වසර දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා 2010 වසරේ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුණා.

ඉන් අනතුරුව ඒ මහතා අමාත්‍ය වරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ශෝකය ප්‍රකාශ කළ බව සදහන්.

මුතු සිවලිංගම් මහතා මිය යන විට 79 වන වියේ පසු වුණා.

අද (24) ප.ව. 3.00ට නුවරඑළිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *