Latestවිදේශීය

ශ්‍රද්ධා වෝල්කාර් ගේ මරණය ඉන්දියාව උණුසුම් කරයි

ඉන්දියාවේ ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වෙනවිට ඉන්දියාවේ දැඩි විරෝධතා මතුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් වෙනුවෙන් යුක්තිය සාධාරණය අවශ්‍ය බව විරෝධතාකරුවන් සඳහන් කර ඇති බවයි.

දිල්ලි අගනුවර පොලිසිය විසින් පසුගිය මැයි මාසයේ දී ඝාතනය කර කළ බවට සැක කෙරෙන ශ්‍රද්ධා ගේ සිරුරේ කොටස් සොයාගෙන තිබෙනවා.

ඇයව ඝාතනය කර සිරුර කොටස් වලට කපා ශීතකරණයක දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ පෙම්වතා මෙම ඝාතනයට සැක සහිත බැවින් මේ වන විට ඔහුව, පොලිස් විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *