Uncategorized

බැසිල් ආගමනයේ පාටියට ගුවන් තොටුපල වියදම කෝටි හත පනී… කිසිවෙකු බිල ගෙවා නෑ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේ පැවති සංග්‍රහ කටයුතු සඳහා රුපියල් මිලියන 73 ක මුදලක් ගෙවිය යුතු යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වනතුරු කිසිවකු විසින් එම මුදල ගෙවා නැති බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් ඩොලර් දෙසීය බැගින් ඩොලර් 400 මුදලක් ගෙවා ඇතත් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට එම පර්යන්තයේ කාමර දෙකක රැස්ව සිටි 100ක පමණ පිරිස සඳහා කිසිදු මුදලක් ගෙවා නැතැයි වාර්තාව කියයි.

ඒ අනුව එම පිරිස සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගිව් රුපියල් මිලියන හැත්තෑ තුනක පමණ මුදලක් ගෙවිය යුතුව ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *