“ඔරායන්”සාර්ථක ලෙස සඳෙහි කක්ෂගත වෙයි
නාසා ආයතනය විසින් සිදුකරන ලද ආර්ටිමිස් මෙහෙයුමේ එක් අදියරක් ලෙස සැලකෙන ඔරායන් යානය සඳ වටා කක්ෂ ගත කිරීමේ මෙහෙයුම මේ වන විට සාර්ථක ලෙස සිදුවී තිබෙනවා.
පසුගිය නොවැම්බර් 16 වනදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔරායන් යානය පිටත් වූ අතර,මෙම මෙහෙයුම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් වැය වී තිබෙනවා.
දෙසැම්බර් මස 11 වනදා, දින 25 ක චන්ද්‍ර මෙහෙයුම නිමා කරමින් ඔරායන් යානය සදේ ඡායාරූප ලබාගෙන නැවත පෘථිවිය බලා එනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
වසර පනහකට පෙර ඇපලෝ චන්ද්‍ර මෙහෙයුමෙන් පසු සාර්ථකව යානයක් සඳට ළං වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

