කොරෝනා යලි පැතිරේ
රට පුරා වේගයෙන් පැතිර යන උණ ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්වය මධ්‍යයේ කොරෝනා වෛරසය ද යළි හිස ඔසවමින් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
නමුත් ඉදිරි සතිවලදී සංචාරක පැමිණීම අපේක්ෂාවෙන් විදේශිකයන්ට සීමා පැනවීමක් හෝ කොරෝනා සඳහා වන විශේෂ සෞඛ්‍ය නීති පැනවීමට කිසිදු සූදානමක් නැති බවද ඔවුන් කියා සිටිති.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පැතිර යාමට එරෙහිව සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් කිසිදු සැලසුමක් නොමැති බවයි.
එමෙන්ම සංචාරකයන් පැමිණීම සීමා කිරීමට ද කිසිදු පියවරක් සාකච්ඡා කර නැති බවද හෙතෙම සඳහන් කළේය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

