Latestදේශීය

අද (28) කාලගුණ වාර්තාව

අද දිනයට නියමිත කාලගුණ වර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සබරගමුව,ඌව,මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්,බස්නාහිර,වයඹ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනය තුළින් දක්වා තිබෙනවා.

මේ අතර උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ප්‍රදේශ ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ, සබරගමුව,මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *