Latestදේශීය

දේශපාලනඥයින් අවස්ථාවාදී නොවිය යුතුයි – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

දේශපාලඥයින් ඊළඟ අවස්ථාවේ බලය ලබා ගතයුතු ආකාරය පිළිබඳ නොසිතා රට වෙනුවෙන් හැගීමෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය

හැගීම් වලට කතා කර සිංහල ජනතාව තුළ අසමගිය ඇති නොකළ යුතු බවත් සියලු දෙනා එක්ව පසුගිය සමයේ මේ රටේ ඇති වු ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සඳහා කටයුතුකළ යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් මාධ්‍ය තමන්ගේ දේශපාලන න්‍යායන් ක්‍රියාත්මක කරන බවත් එලෙස හැගීම් අවුස්සන විදියට අපට කටයුතු කරන්න බැහැ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *