Latestදේශීය

ඩයනාට නොතීසි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 26) නියෝග කර තිබේ.

ඒ අනුව, ඇය ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි ද නිකුත් කර ඇත.

ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් අධිකරණය සඳහන් කර ඇත්තේ, වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

මව්බිම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *