දේශපාලනඥයින්ගේ කළු සල්ලි තියෙන්නේ පිටරට – කුමාර වෙල්ගම
රට මේ තත්වයට පත්වීම සම්බන්ධයෙන් තමා ඇතුළු දේශපාලඥයන් සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
දේශපාලනඥයන්ගේ කළු සල්ලි තිබෙන්නේ තොරතුරු පිටතට නොදෙන විදෙස් බැංකුවල බවද සොරකම් කරන අයගේ මුදල් මෙරට නැති බවත් ඒවා ඇත්තේ ලංකාවේ ගිණුම් වල නම් ඒ වෙන අයගේ නම්වලින් බවත් ඔහු පැවසීය.
බොහෝ දේශපාලඥයන්ගේ කළු සල්ලි ඇත්තේ කිසිම තොරතුරක් පිටතට නොදෙන රටවල් හා බැංකුවල බවද හෙතෙම පවසයි.
තමනට එසේ උපයන ලද මුදල් නැති බවත් තම පියා හොඳ ව්‍යාපාරිකයෙක් බවත් ඔහු විසින් ධනයක් උපයා ඇති බවත් මන්ත්‍රීවරයා කළුතර දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
අද මෙරට සිටින පරිණතම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජාත්‍යන්තර සබඳතා මඟින් රට ගොඩ ගැනීමට හැකියාව තිබෙන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

