යලිත් විදුලි ගාස්තු වැඩි කර විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කරනවා – කන්චන විජේසේකර
එළැඹෙන ජනවාරි මාසය පමණ වන විට අඛණ්ඩ විදුලි සැපයුම සහතික කර ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
නමුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවත් හෙතෙම කියයි.
සෑම වසරකම ජනවාරි සහ ජුනි මාසවල විදුලි ගාස්තු සංශෝධනය වඩාත් සුදුසු බවද ඔහු කියා සිටියි.
මේ අතර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

