අත්අඩංගුවේ සිටි පුද්ගලයකු අංශභාග තත්වයට පත්වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට චෝදනා
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් වෑන් රථයක රැගෙනයන අතර තුර අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්වීම හේතුවෙන් එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට චෝදනා ගොනුකර තිබෙනවා. රැන්ඩි කොක්ස් නම් පුද්ගලයා නිව් හෙවන් හි පොලිස් ස්ථානයකට ගෙන යමින් සිටියදී රියදුරු තදින් තිරිංග යෙදවීම නිසා වෑන් රථයේ පිටුපස දොරක හිස වදීමෙන් ඔහුව අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්වී තිබෙණවා. ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා මත ජූනි 19 වන දින ඔහු අත් අඩංගුවට පත්වු අතර පසුව එම චෝදනා ඉවත දමා තිබෙනවා. කනෙක්ටිකට්හී නිලධාරීන් පස්දෙනාට සඳුදා චෝදනා එල්ල වූයේ නොසැලකිලිමත් ලෙස අනතුරට පත් කිරීම සහ කෲරත්වය පදනම් කරගෙන බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

