ගල් අඟුරු ආනයනය දිගටම – ලංකා ගල් අඟුරු සමාගම
මෙවර ගල් අඟුරු නැව් වාර 35 ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කරනවා.
විශාල බාධක පැවතියද මෙම කටයුතු කෙසේ හෝ සිදු කරන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.
මේ වන විට 2022- 2023 වාරය සඳහා නැව් වාර හතරක් දැනටමත් සැපයුම් කටයුතු අවසන් කර තිබෙනවා .
පස්වන නැව් වාරය පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් පවතින අතර, එය දෙසැම්බර් 08 වන දින මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

