විශ්‍රාම ගැන්වීමේ තීරණයට විශේෂඥ වෛද්‍යවරුන් එරෙහි වෙයි
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් සලකා බලා තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීමෙන් පසු ලබන මස 13 වනදා කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන්ට නොතිසී නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.
පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඔක්තෝබර් මස 17 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවය.
අද දෙරණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

