ගාළුමුවදොර පිටියේ මළ සිරුරක්
කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මරණකරු අවුරුදු 45ක් වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබා ගත් තැනැත්තෙකු බව ත් පෙරේදා (නොවැ. 27) දින කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති අතර ඊයේ (නොවැ. 28) දින උදෑසන නිවසින් පිටව ඇති බව ත් පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනා ගනු ලැබ ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මව්බිම
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

