ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි පිහිටි මවුනා ලෝවා ගිනි කන්ද වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා.
පුපුරා යාමෙන් පසු සිදුවන ලාවා ප්‍රවාහය බොහෝ දුරට කඳු මුදුනට සීමාවී ඇතත් ඒ ආසන්න ප්‍රදේශවල නිවැසියන්ට අවධානයෙන් සිටින ලෙසත් අළු වැටීමේ අවදානම පිළිබඳවත් කලින් අනතුරු අඟවා ඇතිබව වාර්තා වනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සේවය පවසා ඇත්තේ තත්වය වේගයෙන් වෙනස් විය හැකි බවයි.
ප්‍රදේශවාසීන් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර නොමැති අතර ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම අදියරේදී බලපෑමක් ඇති නොවනු ඇතැයි නිලධාරීන් පවසනවා. හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මවුනා ලෝවා ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිදේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

