ඉන්දීය ධීවරයින් 12 වනදා දක්වා රිමාන්ඩ්
පසුගිය 28 වෙනිදා ,නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 24 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, අදාළ ධීවරයින් යාපනය, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කයිට්ස් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සරෝජනී ඉලන්ගෝවන් නියෝග කර ඇත්තේ ධීවරයින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

