Latestක්‍රීඩාවිදේශීය

ඔස්ට්‍රේලියාව වසර 16කට පසු පාපන්දු ලෝක කුසලානයේ අවසන් වටයට

ගෝල 1-0 ක් ලෙස ඩෙන්මාර්කය පරාජයට පත් කරමින් වසර 16කට පසු ඔස්ට්‍රේලියාව ලෝක පාපන්දු කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට සමත්වුණා.
එම ජයග්‍රහණයත් සමගින් ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 6ක් ලබා ලෝක ශූර ප‍්‍රංශයට පමණක් පිටුපසින් ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගෙන සිටිනවා.
මේ අතර මෙම පරාජය හේතුවෙන් ඩෙන්මාර්කය තරාවලියෙන් පිටව යන අතර, තරඟ තුනකින් පසු එක් ලකුණක් පමණක් ලබා ගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පහළම ස්ථානයේ රැඳෙනවා.
ඕස්ට්‍රේලියාව ‘C’ කාණ්ඩයේ ජයග්‍රාහකයන් (පෝලන්තය, ආර්ජන්ටිනාව, සෞදි අරාබිය හෝ මෙක්සිකෝව) සමඟ පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයට මුහුණදෙනු ඇති.



Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *