කෙන්යාවේ අමාත්‍ය වැටුප ජනතාවට
මේ දිනවල කෙන්යාවේ බොහෝ ප්‍රදේශ වලට පවතින්නේ දැඩි නියඟයක්.
මේ හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සහ උපකාර සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
නියගයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළකරමින් කෙන්යානු ඇමතිවරු සිය එක් මාසික වැටුපක් පරිත්‍යාග කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
කෙන්යාවේ මේ දිනවල පවතින නියගය හේතුවෙන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන් එකතුවී මෙලෙස විපතට පත් කෙන්යානුවන් වෙනුවෙන් අරමුදල් පිහිටුවා තිබෙන අතර, ඒ වෙනුවෙන් තම එක් මාසික වැටුප පරිත්‍යාග කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

