ඊශ්‍රායෙල් ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 5ක් මරුට
පලස්තීනු ජනතාව සහ ඊශ්‍රායල් හමුදා අතර රාමල්ලා සහ හෙබෝන් නගර අසල ගැටුම් ඇති වුණා. ඒ ඊයේ (29) රාත්රියේදී යි.
මේ ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් පස්දෙනෙකු ඊශ්‍රායල් හමුදා විසින් ඝාතනය කර ඇති බවට වාර්තා වනවා.
මේ බව ඊශ්‍රායල සහ පලස්තීන බලධාරින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වසරේදී පලස්තීන ජාතිකයින් එකසිය හතලිස් දෙනකු පමණ ඊශ්‍රායල් ප්‍රහාර නිසා මිය යන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

