කුඩා ළමුන් අතර පැතිර යන උණ වෛරසය
කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.
උණ සමග කැස්ස, හෙම්බිරිස්සාව සහ වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් කරන
මෙම උණ රෝගය, කුඩා ළමුන් අතර බහුලව ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
විවේකය ලබාදීම , දියර ආහාර ලබාදීම සහ පැරසිටමෝල් මාත්‍රාවක් මෙහිදී රෝගියාට ලබාදිය යුතුය.
කුඩා ළමුන් නිවසේ තබාගන්නා ලෙසත් හදිසිම අවස්ථාවක බැහැරට යොමුවන්නේ නම්, මුඛ ආවරණයක් පළඳින ලෙසත් ,රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
දින තුනකට වැඩිය උණ පවතීනම් සම්පුර්ණ රුධිර පරික්ෂාවකට දරුවාව යොමුකළ යුතු බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

