සිරිසුමන හිමිට සහ ඉසුරුට ඇප
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ,ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරි සුමන හිමියන් අද අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එහිදී බොරැල්ලේ සිරිසුමන හිමියන්ට සහ ඉසුරු බණ්ඩාර යන අයට ඇප නියම වුුුනා.
සැකකරුවන් අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට මෙලෙස ඇප නියම වුණා.
කෙසේ නමුත් තිලිනි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
ඒ අනුව, තිලිනි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන අය දෙසැම්බර් මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

