Latestදේශීය

ආශු මාරසිංහ සමාව ගනී

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සහ ව්‍යවසායික න්‍යායාචාර්ය උපදේශක ලෙසින් ක්‍රියාකාරන ආශු මාරසිංහ ස්වාධීන රූපවාහිනියේ තුළාව සංවාදයේදී කරන ලද අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

එම වැඩ සටහනට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් මෙරට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බව සඳහන් කළේය.

එයට බරපතල ලෙස කළබල වී ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහගේ න්‍යායාචාර්යවරයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මී ලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්වීම වෙනුවෙන් ක්‍රියාකරමින් සිටින බව සඳහන් කළේය. ඒ වෙනුවෙන් විවිධ මත පළකරමින් කටයුතු කරන බවට ද චෝදනා කළේය.

නමුත් පසුව ස්වාධීන රූපවාහිනී නාළිකාවටම ප්‍රකාශයක් ලබා දෙමින් තුළාව රූපවාහිනී වැඩ සටහන තුළදී කරන ලද ප්‍රකාශය සාවාද්‍ය බවත් එය ඉල්ලා අස් කර ගන්නා බවත් සඳහන් කර ඇත.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *