කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු සාර්ථකව සැලසුම් කරනවා – රනිල් වික්‍රමසිංහ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිරි කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලද රැස්වීමක් ඊයේ (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම,රෝහල් සැලැස්ම, පහසුකම් සහ එහි දැනට මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර මානව සම්පත් හිගය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳව නිලධාරින් විසින්, ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා තිබෙන සම්පත් ඵලදායීව යොදාගැනීම කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී, නිලධාරින්ව දැනුවත් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

