ජපන් ආයෝජකයින් පිරිසක් ධීවර ඇමති හමුවේ
ප්රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් වගාව සංවර්ධනයට හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර ඇත.
පසුගිය 28 දින ධීවර අමාත්යංයේදි එම හමුවීම සිදුවූ බවත් මෙම එකඟතාව ඇතිවූ බවත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.
තවද, එය ආයෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තා කිහිපයක් ද ඉදිරිපත් කළ ඔවුන් ඒ පිළිබදව කඩිනමින් ක්‍රියා කිරීමට බලා පොරොත්තුවන බවද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ඉතා යහපත් ස්ථානයක් බවත්, ඒ සඳහා අවශ්‍ය වාතාවරණය මේ වන විට නිර්මාණය වී ඇති බවත් වැනි රටක ආයෝජකයින් පැමිණිම සම්බන්ධයෙන් තමන් ඉතාමත් අගය කරන බවත් අමාත්‍යවරයා එම අවස්ථාවේ අදහස් දක්වා ඇත.
Please follow and like us: