Latestදේශීය

විදුලිය නොකපන ප්‍රදේශ ගැන කංචන කියයි

ඉදිරියේ විදුලිය විසන්ධි නොකර ප්‍රදේශ සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් හරහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව දෙසැම්බර් මස පළමුවෙනිදා ට පසුව දකුණු සහ ඇල්ල සංචාරක කලාපවල රාත්‍රී විදුලි කප්පාදුව සිදු නොකරනු ඇති.

එසේම,දෙසැම්බර් මස 15 වැනිදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබෙන සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දෙසැම්බර් මස 15 වනදා දක්ව දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි එම පනිවිඩයේ දැක්වෙන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *