Latestදේශීයනවතම ලිපි

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය ලෙස සැලකෙන්නේ අදයි(දෙසැම්බර් 01). මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ සමානාත්මතාව සුරකිමු යන්නයි.

මෙම තේමාවේ අරමුණ වන්නේ HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලැබිය යුතු බවයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේ අදට නියමිත ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කරනවා.පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තරුණ පිරිස අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම වැඩි වීමක් පෙන්නුම් කෙරෙන අතර 2022 වසරේ පළමු මාස 9 අවසන් වනවිට HIV ආසාදිතයින් 429ක් වාර්තා වී තිබෙනවා. මේ අතුරින් බොහෝදෙනෙකු වයස අවුරුදු 15 – 30 තරුණ පිරිස බවයි සදහන් වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *