Latestදේශීය

අද දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

අද දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 එසේම බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 75 ට වැඩි තරම ක වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 මීට අමතරව දිවයිනේ සෙසු පළාත් වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  වැසි සහ තද සුළං සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *