ජනාධිපතිවරයාට සුවිශේෂි බෑගයක්
ජනාධිපතිවරයාගේ වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට රැගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාව නිෂ්පාදනය කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද(02) ජනාධිපති කාර්යාලයේදී මෙම බෑගය ජනාධිපතිවරයාට නිල වශයෙන් භාරදීම සිදුකොට තිබෙනවා.
සංචාරයන් වලදී ලෝක නායකයන් ගේ වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාම වෙනුවෙන් සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්රදායක් වන අතර මෙම සම්ප්රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අරමුණින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එවැනි බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇති බවයි පැවසෙන්නේ.
සැළසුම්සහගත පරිදි උසස් තත්ත්වයේ සම් යොදා ගනිමින් ආරක්ෂිතව සහ කල් පවත්නා ලෙස මෙම බෑගය නිම විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි වන ලෙස බවයි සඳහන් වන්නේ. යුද හමුදාපතිවරයා විසින් මෙම බෑගය භාරදීමෙන් පසුව එය පරීක්ෂා කළ ජනාධිපතිවරයා ඊට නිර්මාණ දායකත්වය සැපයූ ශිල්පීන් ඇතුළු සියලුම දෙනා ඇගයීමට ලක් කළ බවද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

