තෙවන පාසල් වාරය සඳුදායින් ආරම්භ වේ
රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් වල ඊයේ දිනයේ දෙවන වාරය අවසන් වූ බව සහ එම පාසැල් වල තුන්වන වාරය ලබන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එසේම නත්තල වෙනුවෙන් දෙසැම්බර් 22 වැනිදා පාසල් වලට නිවාඩු ලබා දෙන අතර නැවත පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනදායි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවල මහත්මිය සඳහන් කළේ නැවත වරක් අපොස උසස් පෙළ විභාගය සඳහා ජනවාරි 20 වනදා පාසල් වලට නිවාඩුද ලබාදෙන අතර පෙබරවාරි 20 වැනදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.
2022 වසරේ පාසල් තුන්වන වාරය මාර්තු 24 දෙන වෙනිදායින් පසු අවසන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

